|
|
ලිපි ලියන්න - මුදල් උපයන්න
-
click.lk වෙබ් අඩවියේ පලකරනු ලබන ලිපි සඳහා පමණක් දිනකට රුපියල් එකක මුදලක් වර්ෂයක උපරිම කාලයකට යටත්ව ගෙවීමට දැනට කටයුතු යොදා ඇත. ගෙවීම් මාසිකව ලබා දෙනු ඇත.
- මෙම ගෙවීම ඔබගේ ලිපි ඇගයීම සඳහා සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැනුම සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමට ඔබ දක්වන දායකත්වය ඇගයීම සඳහා වන අතර මේ පිළිබඳ සියළු අවසන් තීරණ click.lk වෙබ් අඩවිය සතු වන බව සලකන්න.
-
ඉහත ගෙවීම් click.lk වෙබ් අඩවියට අවශ්‍යය පරිදි පූර්ව දැනුම්දීමකින් තොරව වෙනස් කල හැකි වනු ඇත.
ඔබගේ ලිපි පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුනු.
-
වෙනත් අය විසින් ලියා ඇති ලිපි ඔබගේ නමින් එවීමෙන් වලකින්න.
- ඔබ විසින්ම සකසන ලද ලිපි පමණක් එවීමට කටයුතු කරන්න.
-
උපුටා ගන්නා කරුනු පිළිබඳව සඳහන් කරන්න.
-
අවසර ලත් උපුටා ගැනීම් පමණක් ඔබගේ ලිපියට ඇතුලත් කරන්න.
- පරිවර්තනයක් නම් මුල් ලිපිය පිළිබඳව සඳහන් කරන්න.
-
ලිපිය පිළිබඳ සියළු වගකීම් ඔබ සතු බව සලකන්න.
-
වැඩිදුරටත් පැහැදිළි කිරීම් අවශ්‍ය වන්නේ නම් අප හා සම්බන්ධ වන්න.
පහත සඳහන් ක්‍රම වලට ඔබගේ ලිපි අප වෙත එවිය හැක.
- සිංහල යුනිකෝඩ් භාවිතයෙන් සකසන ලද ඔබගේ ලිපිය ඔබගේ නම, දුරකතන අංකය සහ අදාල ඡායාරූප, රූප සටහන් සමඟ අප වෙත mail@click.lk ලිපිනයට ඊමේල් කර එවන්න.
- .pdf ක්‍රමයට සකස් කරන ලද ඔබගේ ලිපිය ඔබගේ නම, දුරකතන අංකය සමඟ අප වෙත mail@click.lk ලිපිනයට ඊමේල් කර එවන්න.
- www.click.lk වෙබ් අඩවියේ පවතින පෝරමය භාවිතා කර ලිපිය සකස් කර අවශ්‍යය අනෙකුත් තොරතුරු ද ඇතුලත් කර ඡායාරූප, රූප සටහන් පවතී නම් ඒවා ද සමඟ ලිපිය අප වෙත එවන්න.
ඔබ විසින් එවනු ලබන ලිපි පහත සඳහන් කොන්දේසි වලට අදාලව මෙම වෙබ්අඩවියේ පල කරනු ලබන බව සලකන්න.
- එවනු ලබන ලිපි අතරින් තෝරාගත් සුදුසු ලිපි පමණක් පල කරනු ලැබේ.
- අවශ්‍ය පරිදි පමණක් ඔබ විසින් එවනු ලබන ඡායාරූප, රූප සටහන් පල කරනු ඇත.
- ඔබගේ ලිපියේ ඡායාරූප, රූප සටහන් නොමැති අවස්ථා වලදී අප විසින් අවශ්‍ය පරිදි ඒවා එකතු කිරීමට හැක.
- තෝරා ගන්නා ලිපි වල අවම සංස්කරණයක් සිදු කිරීමට හැක.
- අවශ්‍ය ඕනෑම අවස්ථාවක පලකරන ලද ලිපියක් click.lk වෙබ් අඩවියේ අවශ්‍යතාවය මත පමණක් එයින් ඉවත් කිරීම සිදු කල හැකි වනු ඇත.
- ලිපිය සමග ඔබගේ නම ද පල කරනු ලබන අතර ඔබගේ අවශ්‍යතාවය අනුව නම සමග සම්බන්ධ වන පරිදි ඔබගේ තොරතුරු ඇතුලත් වෙබ් පිටුවක් ද ඔබට ලබා ගත හැක. එහි පහත දැක්වෙන කරුනු ඇතුලත් කර ගත හැකි වේ. ඒ සඳහා ඔබගේ අවශ්‍යතාවය අනුව අදාල තොරතුරු අප වෙත එවිය යුතු වේ.
- ඔබගේ නම
- දුරකතන අංකය
- ඊතැපැල් ලිපිනය
- ඔබ පිළිබඳ විස්තරයක්
- ඔබගේ ඡායාරූපයක්
- අවශ්‍යය අදාල අනෙකුත් කරුනු
මෙම වෙබ් අඩවියේ පලවන ලිපි කියවීම සඳහා සිංහල යුනිකෝඩ් අක්ෂර වන Iskoola Pota සහ Malithi Web අක්ෂර අවශ්‍ය වේ. www.siyabas.lk වෙබ් අඩවියෙන් එම අක්ෂර ඔබට ලබා ගත හැක.
|
|