Click Mobile2.
   
   
 
Click Mobile.
මුල් පිටුව ලිපි සොයන්න ලිපි එවන්න අප ගැන සම්බන්ධ වන්න සිංහල අකුරු ගන්න 
Click Mobile
Untitled Document
ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති (මොබයිල් ඕ එස්) වෙළඳපොළ තරඟයක
ලොව දැනට භාවිතා වන ස්මාට් ෆෝන් මාදිලියේ ජංගම දුරකතන වල ඇති මොබයිල් ‍ෆෝන් ඔපරේටින් සිස්ටම් (මොබයිල් ඕ එස්) අතරින් බහුතර වෙළඳපොළ කොටස හිමිකර ගැනීමට ගූගල් සමාගමෙහි ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕ එස් එක සමත් වී ඇත.

එහි වෙළඳපොළ කොටස 33% වේ. දෙවන ස්ථානය නොකියා සමාගමේ සිම්බියන් මොබයිල් ඕ එස් මගින් හිමිකරගෙන ඇති අතර එහි වෙළඳපොළ කොටස 31% වේ. තෙවන ස්ථානය 16% ක වෙළඳපොළ කොටසක් නියෝජනය කරන ඇපල් සමාගමේ අයිඕඑස් වෙත හිමි වේ.

මයික්‍රොසොෆට් සමාගමේ වින්ඩෝස් ෆෝන් මොබයිල් ‍ඔපරේටින් සිස්ටම් සතුව 3% ක වෙළඳපොළ කොටසක් පවතින අතර සුප්‍රසිද්ධ බ්ලැක්බෙරි ජංගම දුරකතන සමඟ එන බ්ලැක්බෙරි මොබයිල් ‍ඔපරේටින් සිස්ටම් සතු වෙළඳපොළ කොටස 14% ක් වේ.

එමෙන්ම 2016 වසර වන විට ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ඕ එස් මඟින් 45% ක වෙළඳපොල කොටසක් අයත් කර ගනු ඇතැයි සමීක්ෂණ වාර්තා සඳහන් කරයි. මෙහිදී වින්ඩෝස් ෆෝන් මොබයිල් ‍ඔපරේටින් සිස්ටම් භාවිතය 7% දක්වා ඉහළ යනු ඇතැයි ද වාර්තා වේ.

මෙයට අමතරව ස්මාට් ෆෝන් මාදිලියේ ජංගම දුරකතන වල දැනට භාවිතා වන තවත් මොබයිල් ‍ඔපරේටින් සිස්ටම්ස් ගනනාවක් පවතී.

  -  2011-04-01   03:10:00
Untitled Document
arrow  ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති (මොබයිල් ඕ එස්) වෙළඳපොළ තරඟයක
arrow  පුළුල් පරාස අන්තර්ජාල සේවාවන් විමර්ශනය ‍කෙරේ
arrow  ලොව ප්‍රථම 3D ජංගම දුරකතනය නිපදවයි.
arrow  SMS මඟින් ඔබේ ජංගම දුරකතනයේ ප්‍රමිතිය දැනගන්න
arrow  ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන භාවිතය ඉහළට
Click Mobile.
 
Click Mobile.
© All Rights Reserved - CLICKMOBILE - 2011